Monday, 17 October 2016

සඳ එළිය

පහළ විල් දිය මතින් සඳ එළිය දිලෙන්නේ
වහල මත ගහල වැල් සුළඟකට වැනෙන්නේ
අහල පහලක කෙනෙක් නැති තනිය දැනෙන්නේ
ඇහැළ මල් පෙති නොවෙයි ජීවිතය ගිලෙන්නේ

වැහි දාක අහසටත් නොදැනීම හැඬෙන්නේ
ඇහි දාර මත හිඳන් කඳුළක් ද තැවෙන්නේ
කොහි යාද කෙළවරක් කවදාද නොදන්නේ
මිහි යාය මැද කෙසේ සිහියකින් හිඳින්නේ
පිහි ඇණුම් පහරක්ය හදවතක වැදෙන්නේ
එහි කොහිද සිහිලසක් උණු ලෙයයි ගලන්නේ
ඉහළ මහලක් වෙතොත් ගහලයින් රැඳෙන්නේ
ඇහැළ පෙත්තක රැඳෙමි සිහිනයයි බිඳෙන්නේ

No comments:

Post a Comment