Monday 17 October 2016

බුදු වීම අකැපද.... ?

ශ්වේත නෙළුමන් මත
ලොවට ඔහු ආ හින්දම                 

දරා දුක් ගින්දරපතිනියක විය යුතුමද
සංසාරෙ පුරාවට
පතාගෙන ආ කිව්වම 
පුතුන් තනිවම දරා
ඉවසීම යෙහෙකිද
දෙමාපිය ස්නේහය මැද
කුමරියක වී වුන් ඇය
සංසාරගත ප්‍රේමෙක 
කදුළු බිඳ විය යුතුමද

ලොවක් සනසන ඔහුසැනසීම ඇය කරුමෙද
හිනාවෙන දෙතොලෙන්
කදුළු සැගවිය යුතුමද
පරම දර්ශී වූවම
ලොවෙන් එන ගුණ විතරද
එතෙක් පෙරුමන් පිරුවද
බුදු වීම අකැපද.... ?

~ ඩිල්ෂි තත්සරණි


No comments:

Post a Comment