කැඩුණු පාරෙහි දිය කඩිත්තට
හොඳටෝම බිය දැනෙනවා
කල් තියා හිත රිදෙනවා....
වරින් වර රළු හඬ නගාගෙන
වේගයෙන් එන චූල රිය සක
සිත මත්තෙ උඩ පනිනවා
චිරිස් ගා තෙත ඉහෙනවා...
ආයෙමත් හිරු ඇවිත් අහසට
පොළෝ තෙත
සිඳ දමන තුරු හිඳ
සොභා දහමට නතුව මියෙනට
වරම් නැති වග හැඟෙනවා....
ආත්මය බිඳ බිඳ නොසොල්වා
එක්වනම බිඳදා විසුරුවන
යෝධ බර රෝදයක පතිතය
පතා ඇස් මග බලනවා....
No comments:
Post a Comment