Showing posts with label කුමකටද කහ එළිය. Show all posts
Showing posts with label කුමකටද කහ එළිය. Show all posts

Tuesday, 18 October 2016

කුමකටද කහ එළිය

දවස කෙලවරකදිත්අහසකට බැරි ඇයිදඅත නෑර නිල් පාටරතු වෙන්නෙ නැතිවම ඉන්න
තල්ලුවක් දී හුළඟ
නොදැනෙන්න නොහැඟෙන්න
පා කරන්නේ ඇයිද
සුදුපාට අහිංසක දුක ඇහුව වලාකුළ
උදෑසන ගී කිව්ව
කුරුල්ලනි මහන්සිද?
බැරිද නොගිහින් ගෙදර
මෙතන මේ හිත ගාව
තව ටිකක් රැදෙන්නට
එපා සඳ පායන්න
ලඟ උනත් පුර පෝය
කුමකටද කහ එළිය
රතු වෙච්ච ඇස් වලට