Showing posts with label මහල්ලා සහ මුහුද. Show all posts
Showing posts with label මහල්ලා සහ මුහුද. Show all posts

Monday, 17 October 2016

මහල්ලා සහ මුහුද

රළක් මුතු පොට ගලවා
වේගයෙන් විසිරුවනකොට
ඉතිරිවුනු බෙල්ලෙක් දෙන්නෙක්
ගාට ගාටා
තවම ඇවිදිනව මූදට,
ඉස්සර නව යොවුන් පෙම්වතිය

ගෙල වටේ බැඳගෙන
කෝළ මුතු පොට
දෙපා ඉඹගත්ත වැල්ලමයි මේ
උඹත් ළඟ ඉන්නකොට,
කාලයට දිරන බෝට්ටු බඳ
කහට බැඳගෙන
දොසක් නොකියා ඉන්නවා
මාත් එක්කම
ආපහු දියත් වෙන්නට හීන ගැන ගැන,
ඉතිං
කාලයට
ආදරය අලුත් වෙනවා විතරයි
සොඳුරිය
තනිකම තවමත් ඇත
පැලවුනු තැන.